ඩබ්ලිව් . බී . මකුලොලුව 



                   
                                 මෙතුමා  1922 පෙබරවාරි මස 17 වන දින මහනුවර හාරිස්පත්තුව නම් සුන්දර ගම්මානයේ උපත ලැබීය.
                                 මූලික අධ්‍යාපනය ලැබූවේ ඉඩමේගම රජයේ විදුහලෙනි. පසුව උසස් අධ්‍යාපනය සඳහා කටුගස්තොට රාහුල විද්‍යාලයටත් , කොළඹ ආනන්ද විද්‍යාලයටත් ඇතුල් විය. ඉන්පසු ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ විශ්ව භාරතී විශ්ව විද්‍යාලයෙන් සංගීතය හැදෑරූ එතුමා ඒ සමගම නැටුම් අධ්‍යාපනය ගැනද සිත යොමු කළේය. ඒ සඳහා තම ගුරුවරුන් කොට ගත්තේ රංගම ගුණමාලා , ජේ . සී මාලගම්මන , තිත්තවෙල ගුනයා යන ශිල්පීන්ය.
                               මෙතුමා අතින් ලියවුනු කෘතීන් අතර ' ගොයම් දා මගුල ' , හිර ගෙයින් මරුමුවට , මාර පරාජය , මහාභිනිෂ්ක්‍රමණය යන ලංකාවේ පළමුවැනි සංධ්වනි හතරද දෙපානෝ ගීත නාටකයද වේ. අරුණට පෙර චිත්‍රපටයේ ගීත රචනය අධ්‍යක්‍ෂකතුමාගේ තවත් වැදගත් කටයුතු වේ.
                              කටුගස්තොට රාහුල විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කල මෙතුමා පසුව අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීත පරීක්ෂකවරයෙකු ලෙස ද එහිම ප්‍රධාන අධ්‍යක්ෂකවරයා ලෙසින්ද ප්‍රධාන අධ්‍යක්ෂක නිලධාරියා ලෙසින්ද සංස්කෘතික අමාත්‍යංශයේ නිර්මාණ හා පරීක්ෂක කලා අධ්‍යක්ෂකතුමා ලෙසින්ද සේවය කොට ඇත. ඔහු හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ සේවය කල අවධියේ සංගීතයට මහත් සේවයක් කරමින් ශිෂ්‍ය පරපුරක් බිහි කළේය,
                            ඩබ්ලිව් . බී මකුලොලුව මහතා දක්ෂ සංගීතඥයෙක් පමණක් නොවේ. දක්ෂ කථිකයෙකි. අධ්යාපනඥයෙකි. ගත කතුවරයෙකි. නාට්‍ය නිෂ්පාදකයෙකි. අධ්‍යාපනඥකි. නෘත්‍ය කලාව පැත්තෙන් බලන කල දක්ෂ කතාකලී හා මණිපූරි නැටුම් ශිල්පියෙකි. උඩරට නැටුම් ශිල්පියෙකි. ගීත නිබන්ධකයෙකි. විදේශයන්හි අප මව්බිම නියෝජනය කල විශිෂ්ට ගණයේ කලාකරුවෙකි. ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් නිර්මාණය කල මකුලොලුව මහතා පාසල් විෂය නිර්දේශයෙ ජන සංගීතය කොටස ක්‍රමවත් කල අතර ජන ගී හා තිත් ක්‍රමය වර්ගීකරණය කළේය. එපමණකින් නොනැවතුණු එතුමා ජන සංගීතය පිලිබඳ දිගින් දිගටම පර්යේෂණ කළේය. ඒ අතර මකුලොලුව මහතා එම ජන ගී රැස් කරමින් ඒ සියල්ල ප්‍රස්තාර කරන්නට පෙළඹුණි.
                     දේශීය සංගීත සංදර්ශන විවිධ ප්‍රසංග විදේශ රටවල පවත්වමින් රටට කීර්තියක් අත්කර දුන්නාය. ඒ අතර එන සංගීත ආශ්‍රයෙන් නිර්මාණය කල ප්‍රසංග විශේෂ තැනක් ගත්තේය. උදාහරණ වශයෙන් නොනිමිද මගුල , මාර පරාජය , සිරගෙයින් මරුමුවට , දෙපානෝ , ඇසිදිසි , වැදගත් තැනක් ගත නිර්මාණ වේ.
                   සංගීත ක්ෂේත්‍රයට මේසා විශාල සේවයක් කල මෙම කළාකරුවා අවුරුදු 60 කුත් මාස 6ක් ආයු වළඳා 1984 සැප්තැම්බර් මස 08 වෙනිදා අපෙන් සදහටම සමුගත්තේය.   

Comments

Post a Comment

Popular posts from this blog