ලයනල්  එදිරිසිංහ 


            


                                       මෙතුමා 1913 ජනවාරි 17 වැනි දින ගාල්ලේදී උපත ලැබීය. මූලික අධ්‍යාපනය ගාල්ල ඕපාවල බෞද්ධ මිශ්‍ර පාසලෙන්ද ගාල්ලේ කලේගාන කතෝලික පාසලෙන්ද ලැබීය. උසස් අධ්‍යාපනය ලැබූයේ ගාල්ලේ රිච්මන්ඩ් හා මහින්ද යන විද්‍යාල වලිනි. ඉන්පසු ඔහු ඉන්දියාවේ විශ්ව භාරත නම් විශ්ව විද්‍යාලයෙන් හා භාත්ඛන්ඩේ සංගීත විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සංගීත විශාරද උපාධිය ප්‍රථම වරට ලබා ගැනීම ආරම්භ වුයේ එදිරිසිංහ මහතාගෙනි. සංගීත විශාරද උපාධිය ප්‍රථම වරට ලබා ගත් ලාංකිකයා වන්නේද මෙතුමාය. 
                                      භාත්ඛණ්ඩේ විශාරද  උපාධිය ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණි එදිරිසිංහ මහතා උස්තාද් අලව්දීන් ඛාන් වෙතින් ලැබූ විශේෂ පුහුණුවක් අනුව අධ්‍යාපනය ප්‍රගුණ කරගත්තේය. අලි අක්භාර් , රවිශංකර් හා අලව්දීන් එදිරිසිංහ මහතාගේ සමකාලීනයන් වූ අතර මේ සියලු දෙනාගේම ශිෂ්‍යයෙක්ද විය. 
                                      එදිරිසිංහ මහතා ලංකාවට පැමිණි විගස අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂක ධූරයට පත් කරන ලදී. සත්‍ය වශයෙන්ම ප්‍රායෝගික හින්දුස්තානි සංගීතයක් ලංකාවේ පැතිර ගියේ එදිරිසිංහ මහතාගේ පරිශ්‍රමයෙනි. 
                                      එදිරිසිංහ මහතා පෙරලා ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතය ඉගැන්වීමේ වැඩ පිළිවෙල තව තවත් පුළුල් විය. භාත්ඛන්ඩේ හා ශාන්ති නිකේතනයෙන් බිහිවූ සංගීත විශාරදයින් බහුල වූ බැවින් සංගීතය ඉගැන්වීම සඳහා රජයේ ලලිත කළා ආයතනයේ වෙනම අංශයක් පිහිටුවන ලදී. එහි පුරෝගාමියා  වුයේ එදිරිසිංහ මහතාය. එහි පළමු විදුහල්පතිවරයාද එදිරිසිංහ මහතාය. ලංකාවේ ප්‍රථමයෙන් වාද්‍ය සංගීතයක් පවත්වමින් වෘන්ද වාදනයක් මෙහෙය වුයේ එදිරිසිංහ මැතිතුමා බව කිව යුතුය. 
                                     දේශීය ගායන වාදන නැටුම් පිළිබඳව තරඟ ආරම්භ කරමින් දේශීය කළා උන්නතියට අතහිත දුන් ලයනල් මහතා භාරතයට ගොස් සංගීතය ඉගෙන ගැනීමට සිංහල සිසුන් දැනුවත් කර ඔවුනට ඒ අවස්තාවන් උදා කර දෙන්නට උත්සුක වූ පුද්ගලයෙකි. 
                                    තම පෞද්ගලිකත්වය පසෙක දමා පෞද්ගලිකවම තම නිවසේ පවා සිසුන්ට නවාතැන් පහසුකම් ලබාදෙම්න් ඔවුන්ට අධ්‍යාපනය ලබා දී රටට සංගීතඥයන් හා ශිල්පීන් බිහිකර දෙන්නට පුරෝගාමීව කටයුතු කල අයෙකි. 
                                   බ්‍රිතාන්‍ය එලිසබෙත් රැජින ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ උත්සවයක් සඳහා සාමාජිකයින් 40 කින් පමණ යුත් වාද්‍ය වෘන්දයක් පුහුණු කර ඉදිරිපත් කල එදිරිසිංහ මහතා උත්තර භාරතයේ හින්දුස්තානි සංගීතය විදිමත්ව මෙරට ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන නියමුවෙකු ලෙස කටයුතු කර ඇත. 
                                   2500 බුද්ධ ජයන්ති ගීතයේ තනුව සකස් කලේද ලයනල් එදිරිසිංහ මහතාය.     

Comments

Popular posts from this blog