පණ්ඩිත් ඩබ්ලිව් . ඩී . අමරදේව









විශාරද පණ්ඩිත ඩබ්.ඩී  අමරදේව සංගීතවෙදියගේ උපත සිදු වුයේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට අයත් මොරටුව කොරල වැල්ලේ දී 1927 සැප්තැම්බර් 5 වෙනිදාය.මෙතුමාගේ සම්පූර්න නම වුයේ වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ය.ඔහු පව්ලේ බාලයා වූ අතර අමරදේව ශුරින්ගේ පියා වන්න්කුවත්ත වඩුගේ ජිනේරිස් නම් වේ. මව බාල පුවඩුගේ මැගී වෙස්ලියානු විය. ප්‍රසිද්ධ වඩු කාර්මිකයෙකු වූ පියා වයලින් වාදනය සදහා ද සමත් පුද්ගලයෙක් විය. අමරදේව මහතා වයලී න් වාදනයට යොමු වී ඇත්තේ තම පියා ඇසුරෙනි. අමරදීව මහතාගේ මව ක්‍රිස්තියානි ආගමික කාන්තාවක් වූ බැවින් ඇය ගීතිකා ගායන කල අවස්ථා අමරදේව ශුරින්ට ගායන ක්ෂේත්‍රයේ ආරම්භය සදහා මග පැදුවා යැයි සිතිය හැක. අමරදේවයන්ගේ වැඩිමහලු සොහොයුරා ද සංගීතය පිලිබදව දැඩි ඇල්මක් දැක්වූ අයෙකි. ඔහු රගධාරි සංගීතයට යොමු වී අධ්‍යන කටයුතු කල බැවින් ඔහුගෙන්ද අමරදේවයන් සංගීතය පිළිබද බොහෝ කරුණු අධ්‍යනය කරන්නට ඇත.බොහෝ ප්‍රසිද්ධ බටහිර සංගීතඥයන් තම කුඩා කාලයේදීම විවිධ සංගීත සංදරශන පවත්වා ඇත. එමෙන්ම අමරදේව ශුරින්ද තම හැකියා කුඩා කාලයේදී තම ප්‍රදේශය ආශ්‍රිත ඇතැම් සැණකෙළි හා උත්සව වලදී ඔහු ප්‍රදර්ශනය කර ඇත.
   අමරදේව ශුරින් මූලික අධ්‍යාපනය ගමේ පාසැල වන කොරළවැල්ලේ සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලේදී ලබා ගත්තේය.ඇල්බට් නොහොත් අමරදේවයන් හට සාහිත්‍ය හා සිංහල භාෂාව පිලිබදව දැඩි නැබුරුවක් ඇතිවන්නට ප්‍රධාන හේතුව වුයේ    එකල මුනිදාස කුමාරතුංගයන් ඔහුගේ අසල්වැසි තැනැත්තෙක් වීම නිසාය.
      ප්‍රසිද්ධ මුද්‍රා නාට්‍ය ශිල්පියෙකු වන චිත්‍රසේන හා වජිරා විසින් නිෂ්පාදනය කල සියලුම මුද්‍රා නාට්‍යවල සංගීතය නිර්මාණය කිරීමට අමරදේවයන්ට අවස්ථාව ලැබුණි. නලදමයන්ති මුද්‍රා නාට්‍යයේ ද  කරදිය මුද්‍රා නාට්‍යයේ ද සංගීතය අමරදේවයන් විසින් කල ඒවා වේ.
      අමරදේවයන්ගේ ගීත හින්දුස්තානි රාග ආභාෂිත භාගය සහ ගැමි ගී ආභාෂිත භාගය වශයෙන් භාග දෙකකින් සමන්විත වේ. ඔහු ප්‍රාරම්භක සමයේ වාදී නැඹුරුවක් දක්වා ඇත්තේ හින්දුස්ථානි රාගදාරි සම්ප්‍රදායටය. නිදසුනක් වශයෙන් දක්වතොත් කාෆි රාගයේ ප්‍රබන්ධයකට අනුකූලව ගයන ලද නැලවීලා මා පුතුනේ තැටි අංක එස් එස් 1005 යන ගීතය හැඳින්විය හැක. එසේම නවක චලිත සීත සුළඟ තැටි අංක එස් එස් 16/3423 යන ගීතය සඳහන් කිරීම සුදුසුය.
         ගැමි ගීත නාද රටා අන්තර්ග්‍රහණය කල නිර්මාණ දෙස විමසිලිමත්ව බැලීමේදී මහා බෝ වන්නමනමින් රචිත වැලි තල අතරේ  ගීතය ද බඹරෙකු ආවයි නිරිත දිගේයා යන ගීතද දැක්විය හැකිය. අමරදේවයන් ගයා ඇති රන්වන් කරල් සැලේ ගීතය තුරඟා වන්නමේ ශෛලීන් සහ එහි අන්තර්ගත නාද රටා උපයෝගී කර ගනිමින් කල නිර්මාණ කෘතියක් වශයෙන් දැක්විය හැකිවේ. පිලේ පැදුර හේනට අරගෙන යනවා , ඉර පායා ඉර අවරට ගියාදේ යන ගීත ගැමි ගායනා වහරේ එන සිව් පද වල ස්වර නාද උපයෝගී කර ගනිමින් බිහිකළ නිර්මාණයන්ය.

        ඉහත දක්වන ලද සියලු නිර්මාණයන් සංක්ෂිප්ත කොට ගැනීමේදී අමරදේව ශූරීන්ගේ කෘතීන් වර්ග කොට දැක්විය හැකි වේ. ඵලුස්කාර් පඬිවරයා විසින් ගායනා කරන ලද ටුමක චලිත රාමචන්ද්‍ර නමැති භක්ති ගීතය අනුව ගායානා කල නවක චලිත සීත සුළඟ නමැති සිංහල බසින් බැඳුනු සිංහල ප්‍රබන්ධය උත්තර භාරතීය රාගධාරී සංගීතය ඉවහල් කර ගනිමින් ගායනා කල ගීතයක්ද වේ. පාරමිතා බල පූජිත හා ජගත් මෝහිනී යන ගීත දෙස බැලීමෙන් ඔහුගේ නිර්මාණකරණයට අවතීර්ණ වීමේ ස්වභාවය පෙන්නුම් කෙරේ. මිශ්‍ර රාග නිර්මාණයක් වශයෙන් ඇයි කලේ යමෙකු ආලේ විග්‍රහ කල හැක. මේ අනුව බලන විට ඩබ්ලිව් . ඩී අමරදේව ශූරීන් අනුක්‍රමයෙන් සිංහල ගායනා ශෛලියක් ගොඩ නංවාලීම සඳහා අවශ්‍ය ගමන් මගට පැමිණ ඇති බව මෙහිදී සක් සුදක් සේ පැහැදිලි වේ.


 අමරදෙවයන්ගේ  ගීත එකතුවක් 










Comments

Popular posts from this blog