ප්‍රේමසිරි කේමදාස  

                         1937 ජනවාරි 25 වන දා වාද්දූවේ උපත ලද ප්‍රේමසිරි කේමදාස මහතා එකොලොස් දෙනෙකුගෙන් යුත් පවුලක ඇත බාලයා විය. පියා ගුරුගේ සිමියොන් පෙරේරාය. මව ඇලන් පෙරේරාය. මූලික අධ්‍යාපනය කල්පිටිය පිරිමි පාසලෙන් ලැබීය. වාදූව පිරිමි පාසලෙන් පානදුර සුමංගල විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. කුඩා කල පටන් බටනලා වාදනයෙහි ඇති දක්ෂයෙකු වූ මොහු ස්ව උත්සාහයෙන් ඒ පිළිබඳව දැනුම උසස් කර ගත්තේය. ඉන්පසු හිතුවක්කාරී ගති පැවතුම් නිසා සුමන්ගලයෙන් ඉවත්ව ශාන්ත ජෝන් විදුහලට ගියේය. 
                       ඉන්පසු ගුවන් විදුලියේ සේවයට ගිය මොහු යුගයේ අවශ්‍යතාවය වූ  සංගීත ක්ෂේත්‍රයේ නව යුගයක් උදා කර දීමට උර දීමට සූදානම් විය. ඔහුට මග පෙන්වූ  ය අතර 
                        
                        ආර්. එස් චන්ද්‍රසේන 
                        
                        සිරිල් ප්‍රනාන්දු 
    
                                      පෙන්වා දිය හැක. ඉතාමත් සංවේදී සංගීත නිර්මාණ මෙහි කරලීමේ ඇති දක්ෂයෙකු වූ ඔහු අද ලංකාවේ සිටින සංගීතඥයින් අතුරින් මුල් ස්ථානයෙහි වැජඹෙන අයෙකි. ඉන්දියානු ගායකයින් හා ආසියාතික ශිල්පීන් දහස් ගණනක් හැසිර වීමෙන් සංගීත නිර්මාණ බිහි කිරීමට ඔහු සමත් විය. 1982 ජාත්‍යන්තර ජන කලා උළෙලේ සංගීත අධ්‍යක්ෂණය මොහුගේය. 'අපේ කාලයේ මවුනි' ගීය ' මානස විල ' ' දොර මඩල ' ආදී විශේෂ නිර්මාණ ඔහු විසින් නිමවුණි. 
                                     1964 සිට චිත්‍රපට 90 කට අධික සංඛ්‍යාවකට සංගීත අධ්‍යක්ෂණය කර ඇත. වේදිකා නාට්‍ය 19 කට අධික සංඛ්‍යාවක් හා විශාල කැසට් පට හා ගීත විශාල සංඛ්‍යාවකට නිර්මාණය කල සංගීතය විශිෂ්ට වේ.  
                                                  

Comments

Popular posts from this blog