Posts

Showing posts from December, 2017
                                                                            ප්‍රේමසිරි කේමදාස                            1937 ජනවාරි 25 වන දා වාද්දූවේ උපත ලද ප්‍රේමසිරි කේමදාස මහතා එකොලොස් දෙනෙකුගෙන් යුත් පවුලක ඇත බාලයා විය. පියා ගුරුගේ සිමියොන් පෙරේරාය. මව ඇලන් පෙරේරාය. මූලික අධ්‍යාපනය කල්පිටිය පිරිමි පාසලෙන් ලැබීය. වාදූව පිරිමි පාසලෙන් පානදුර සුමංගල විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. කුඩා කල පටන් බටනලා වාදනයෙහි ඇති දක්ෂයෙකු වූ මොහු ස්ව උත්සාහයෙන් ඒ පිළිබඳව දැනුම උසස් කර ගත්තේය. ඉන්පසු හිතුවක්කාරී ගති පැවතුම් නිසා සුමන්ගලයෙන් ඉවත්ව ශාන්ත ජෝන් විදුහලට ගියේය.                         ඉන්පසු ගුවන් විදුලියේ සේවයට ගිය මොහු යුගයේ අවශ්‍යතාවය වූ  සංගීත ක්ෂේත්‍රයේ නව යුගයක් උදා කර දීමට උර දීමට සූදානම් විය. ඔහුට මග පෙන්වූ  ය අතර                                                   ආර්. එස් චන්ද්‍රසේන                                                   සිරිල් ප්‍රනාන්දු                                             පෙන්වා දිය හැක. ඉතාමත් සංවේදී සංගීත නිර්මාණ මෙහි කරලීමේ ඇති දක්ෂයෙකු වූ ඔහු අද ලංකාවේ
Image
                                            ලයනල්  එදිරිසිංහ                                                      මෙතුමා 1913 ජනවාරි 17 වැනි දින ගාල්ලේදී උපත ලැබීය. මූලික අධ්‍යාපනය ගාල්ල ඕපාවල බෞද්ධ මිශ්‍ර පාසලෙන්ද ගාල්ලේ කලේගාන කතෝලික පාසලෙන්ද ලැබීය. උසස් අධ්‍යාපනය ලැබූයේ ගාල්ලේ රිච්මන්ඩ් හා මහින්ද යන විද්‍යාල වලිනි. ඉන්පසු ඔහු ඉන්දියාවේ විශ්ව භාරත නම් විශ්ව විද්‍යාලයෙන් හා භාත්ඛන්ඩේ සංගීත විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සංගීත විශාරද උපාධිය ප්‍රථම වරට ලබා ගැනීම ආරම්භ වුයේ එදිරිසිංහ මහතාගෙනි. සංගීත විශාරද උපාධිය ප්‍රථම වරට ලබා ගත් ලාංකිකයා වන්නේද මෙතුමාය.                                        භාත්ඛණ්ඩේ විශාරද  උපාධිය ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණි එදිරිසිංහ මහතා උස්තාද් අලව්දීන් ඛාන් වෙතින් ලැබූ විශේෂ පුහුණුවක් අනුව අධ්‍යාපනය ප්‍රගුණ කරගත්තේය. අලි අක්භාර් , රවිශංකර් හා අලව්දීන් එදිරිසිංහ මහතාගේ සමකාලීනයන් වූ අතර මේ සියලු දෙනාගේම ශිෂ්‍යයෙක්ද විය.                                        එදිරිසිංහ මහතා ලංකාවට පැමිණි විගස අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන
Image
                                     ආනන්ද සමරකෝන්                           ආනන්ද සමරකෝන් මහතා  1911 ජනවාරි මස 13 වැනි දින කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල වෑවල නම් ගමේදී උපත ලැබීය. මෙතුමා මූලික අධයාපනය සඳහා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය ලැබීය.                              කුඩා අවදියේ සිටම චිත්‍ර සහ සංගීතය යන විෂයන් සඳහා සහජ දක්ෂතාවයක් පෙන්වූ ආනන්ද සමරකෝන් මහතාට ඒ හේතුව නිසාම වයස අවුරුදු 25 දී ඉන්දියාවේ බෙංගාලයේ විශ්ව භාරතී විශ්ව විද්‍යාලයෙන් සංගීතය හැදෑරීමට අවස්ථාවක් ලැබුණි. මෙහිදී රවින්ද්‍රනාත් තාගෝර් තුමා යටතේ සංගීතයත් චිත්‍ර කලාවත් හැදෑරීමේ භාග්‍ය මෙතුමාට හිමිවිය.                               ඉන්දියාවේ සංගීත අධ්‍යාපනය ලැබීමෙන් පසුව ලංකාවට පැමිණි සමරකෝන් මහතා ස්වදේශීය ගීත ශෛලීයක් මෙහි ඇති කිරීමට ප්‍රයත්න දැරීය. ඒ අනුව එතුමා අතින් සරල වචන යෙදූ අලංකාර ගීත බිහිවිය.            බැස සීතල ගඟුලේ  එන්නද මැණිකේ  පුදමු මේ කුසුම් ඇසේ මදුර  පොඩි මල් එතනෝ                                                                                                     
Image
                                                        ඩබ්ලිව් . බී . මකුලොලුව                                                       මෙතුමා  1922 පෙබරවාරි මස 17 වන දින මහනුවර හාරිස්පත්තුව නම් සුන්දර ගම්මානයේ උපත ලැබීය.                                  මූලික අධ්‍යාපනය ලැබූවේ ඉඩමේගම රජයේ විදුහලෙනි. පසුව උසස් අධ්‍යාපනය සඳහා කටුගස්තොට රාහුල විද්‍යාලයටත් , කොළඹ ආනන්ද විද්‍යාලයටත් ඇතුල් විය. ඉන්පසු ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ විශ්ව භාරතී විශ්ව විද්‍යාලයෙන් සංගීතය හැදෑරූ එතුමා ඒ සමගම නැටුම් අධ්‍යාපනය ගැනද සිත යොමු කළේය. ඒ සඳහා තම ගුරුවරුන් කොට ගත්තේ රංගම ගුණමාලා , ජේ . සී මාලගම්මන , තිත්තවෙල ගුනයා යන ශිල්පීන්ය.                                මෙතුමා අතින් ලියවුනු කෘතීන් අතර ' ගොයම් දා මගුල ' , හිර ගෙයින් මරුමුවට , මාර පරාජය , මහාභිනිෂ්ක්‍රමණය යන ලංකාවේ පළමුවැනි සංධ්වනි හතරද දෙපානෝ ගීත නාටකයද වේ. අරුණට පෙර චිත්‍රපටයේ ගීත රචනය අධ්‍යක්‍ෂකතුමාගේ තවත් වැදගත් කටයුතු වේ.                               කටුගස්තොට රාහුල විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කල මෙතුමා පසුව අධ්‍යාපන අමාත්
Image
                                                    පණ්ඩිත් ඩබ්ලිව් . ඩී . අමරදේව විශාරද පණ්ඩිත ඩබ්.ඩී  අමරදේව සංගීතවෙදියගේ උපත සිදු වුයේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට අයත් මොරටුව කොරල වැල්ලේ දී 1927 සැප්තැම්බර් 5 වෙනිදාය.මෙතුමාගේ සම්පූර්න නම වුයේ වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ය.ඔහු පව්ලේ බාලයා වූ අතර අමරදේව ශුරින්ගේ පියා වන්න්කුවත්ත වඩුගේ ජිනේරිස් නම් වේ. මව බාල පුවඩුගේ මැගී වෙස්ලියානු විය. ප්‍රසිද්ධ වඩු කාර්මිකයෙකු වූ පියා වයලින් වාදනය සදහා ද සමත් පුද්ගලයෙක් විය. අමරදේව මහතා වයලී න් වාදනයට යොමු වී ඇත්තේ තම පියා ඇසුරෙනි. අමරදීව මහතාගේ මව ක්‍රිස්තියානි ආගමික කාන්තාවක් වූ බැවින් ඇය ගීතිකා ගායන කල අවස්ථා අමරදේව ශුරින්ට ගායන ක්ෂේත්‍රයේ ආරම්භය සදහා මග පැදුවා යැයි සිතිය හැක. අමරදේවයන්ගේ වැඩිමහලු සොහොයුරා ද සංගීතය පිලිබදව දැඩි ඇල්මක් දැක්වූ අයෙකි. ඔහු රගධාරි සංගීතයට යොමු වී අධ්‍යන කටයුතු කල බැවින් ඔහුගෙන්ද අමරදේවයන් සංගීතය පිළිබද බොහෝ කරුණු අධ්‍යනය කරන්නට ඇත.බොහෝ ප්‍රසිද්ධ බටහිර සංගීතඥයන් තම කුඩා කාලයේදීම විවිධ සංගීත සංදරශන පවත්වා ඇත. එමෙන්ම අමරදේව ශුරින්ද තම හැකියා කුඩා කාල