ආනන්ද සමරකෝන් 
         
          






   ආනන්ද සමරකෝන් මහතා  1911 ජනවාරි මස 13 වැනි දින කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල වෑවල නම් ගමේදී උපත ලැබීය. මෙතුමා මූලික අධයාපනය සඳහා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය ලැබීය. 
                            කුඩා අවදියේ සිටම චිත්‍ර සහ සංගීතය යන විෂයන් සඳහා සහජ දක්ෂතාවයක් පෙන්වූ ආනන්ද සමරකෝන් මහතාට ඒ හේතුව නිසාම වයස අවුරුදු 25 දී ඉන්දියාවේ බෙංගාලයේ විශ්ව භාරතී විශ්ව විද්‍යාලයෙන් සංගීතය හැදෑරීමට අවස්ථාවක් ලැබුණි. මෙහිදී රවින්ද්‍රනාත් තාගෝර් තුමා යටතේ සංගීතයත් චිත්‍ර කලාවත් හැදෑරීමේ භාග්‍ය මෙතුමාට හිමිවිය. 
                             ඉන්දියාවේ සංගීත අධ්‍යාපනය ලැබීමෙන් පසුව ලංකාවට පැමිණි සමරකෝන් මහතා ස්වදේශීය ගීත ශෛලීයක් මෙහි ඇති කිරීමට ප්‍රයත්න දැරීය. ඒ අනුව එතුමා අතින් සරල වචන යෙදූ අලංකාර ගීත බිහිවිය.
          

  • බැස සීතල ගඟුලේ 
  • එන්නද මැණිකේ 
  • පුදමු මේ කුසුම්
  • ඇසේ මදුර 
  • පොඩි මල් එතනෝ 
                                                                                                                                                   ආදී ගීත නිදසුන් වේ. 
                             මෙතුමාගේ දෙමාපියන් විසින් මොහුට පළමුව දී  තිබූ නම නම් ජෝර්ජ් විල්ෆර්ඩ් වේ. එහෙත් ශාන්ති නිකේතනයෙන් අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි පසු ආනන්ද සමරකෝන් නමින් නම වෙනස් කර ගත්තේය. ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ වරයා ආනන්ද සමරකෝන් මහතාය. මෙතුමා මුලින්ම අම්බලන්ගොඩ ධර්මාශෝක , මාතර සුජාතා , කොළඹ ආනන්ද යන විදුහල් රැසකද  සේවය කර ඇත. ක්‍රිස්ටියන් කොලේජ් හි කෝට්ටේ ගුරුවරයෙකු ලෙසත් ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සංගීත සහ ච්ත්‍ර කර්ම ගුරුවරයා ලෙසත් සේවය කළේය.
                          මෙතුමා පිටරට වල පවා චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ලංකාවට මහත් කීර්තියක් ගෙන දී ඇත. සමරකෝන් මහතා දක්ෂගීත රචකයෙකු වූ අතර ඔහු විසින් පල කරන ලද ළමා පොත් විශේෂ තැනක් ගැනී. ඒ අතර ගී කැකුළු , සිඟිති ගීත , මහදන මුත්තා යන පොත් වැදගත් වේ. චිත්‍රපට සඳහා ගීත ප්‍රබන්ධ හා තනු සපයීමෙන්ද පසුබිම් ගායනයට එක්  වීමෙන්ද මේ කලාකරුවානන් සුජාතා, සැඩ සුලන් වැදි බිම සූරසේන ආදී චිත්‍රපට වලදී දස්කම් දක්වා ඇත. සිංහල භාෂාව පිලිබඳ ව්‍යක්ත කථිකයෙකු වූ මෙතුමාට පාලි හා සංස්කෘත භාෂාවන් පිලිබඳ මහත් දැනුමක්ද විය. ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් ගීය ආනන්ද සමරකෝන් මහතාගේ නිර්මාණයකි. සංගීත ක්ෂේස්ත්රයට ඉමහත් සේවාවක් කරමින් සිට 1962.4.5 දින ඔහු අභාවයට පත් විය.            

                          ආනන්ද සමරකෝන් මහතාගේ ජාතික ගීය වූයේ නමෝ නමෝ මාතා ය. එතුමාගේ අවසරයක් නොමැතිව පසුව ශ්‍රී ලංකා මාතා නමින් ගීතය වෙනස් කරන ලදී. මේ පිළිබඳව මෙතුමා බලවත් කලකිරීමකින් සිටි බව ප්‍රකට කරුණකි. ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය කලකරුවෙකු වන ඩබ්ලිව් .ඩී අමරදේව මහතාද මෙතුමාගේ ශිෂ්‍යයෙකි. ආනන්ද සමරකෝන් මහතාගේ ගීත වල විශේෂත්වය වුයේ ගැමි ජීවිතයෙන්ම තෝරා ගත අත්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා ඔහු ගැමි ගීයෙහි සංගීතය උපයෝගී කර ගැනීමයි. එමගින් ගැමි දිවියට උරුම සරල බව නිර්ව්‍යාජත්වය ඔහුගේ ගීයට ප්‍රවේශ විය.හෙළ ජනගී ආර සමඟ සමීපව සමාන්තර ගත වන බෙන්ගාල ජන ගී රටාවේ ස්වර පද්ධති ප්‍රවේශමෙන් අධ්‍යනය කල සමරකෝන් මහතා ඒ දැනුම් සම්භාරය නිර්මාණාත්මකව යොදා ගැනීමෙන් සිංහල සංගීත ක්ෂේස්ත්රයේ නව ගමන් මගකට ආදී තාලම දැමීය. 













Comments

Popular posts from this blog