වින්සන්ට් සෝමපාල 1906 මැයි 10 වෙනි දින ගොරකාන නම් ගමේ උපන් මෙතුමාගේ පියා දොන් මාර්තේලිස් මහතාය. පානදුර ගොරකාන පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මොහු මොරටුව ශාන්ත ඇන්තෝනි විද්‍යාලයෙන් පානදුර ගොරකාපොල විද්‍යාරතන පිරිවෙනින් කොළඹ විද්‍යා්දය පිරිවෙනින් අධ්‍යාපනය ලැබීය. මෙතුමාගේ පැවිදි ගුරුවරුන් වූයේ පැලෑනේ වජිරඥාන හිමි , මොරොනතුඩුවේ ඛේමානන්ද හිමි , වෑකඩ පඥානන්ද හිමි වරුන්ය. සංගීත ගුරුවරුන් වූයේ සාදිරිස් සිල්වා සහ එස්.ඩබ්.රූපසිංහ යන සංගීත විද්වතුන් ය.මෙතුමා සිංහල , පාලි , සංස්කෘත යන භාෂා පිළිබඳ හසල දැනුමක් ලද පඬිවරයෙකි. ව්‍යක්ත කථිකයෙකි. ලේඛකයෙකි. සංගීත ගත් කතුවරයෙකි. ගීත ප්‍රබන්ධකයෙකි. රාගධාරී සිංහල ගීත රාශියක් ප්‍රබන්ධ කොට පල කිරීමෙන් රටට අනගි සේවයක් කළ අයෙකි. මකුලොලුව මහතා සමඟ එක්ව සිංහල සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවයන් කල අතර ...
Posts
- Get link
- X
- Other Apps
සුනිල් ශාන්ත කතෝලිකයන් වූ බද්ද ලියනගේ දොන් පෙම්යානු හා කුරුගමගේ එංගල්තිනාට දාව 1915.04.14 දින ජාඇල, පමුණුගම කැපුන්ගොඩ දී බද්ද ලියනාග් දෝන ජෝසප් ජෝන් ලෙස සාන්තයන් උපත ලැබීය. සිය පවුලේ වැඩිමල් සොහොයුරෙකු සහ සොහොයුරියක විය. හෙල හුරුව නිසාම පසු කලෙක සුනිල් ශාන්ති , සුනිල් ශාන්ත , සුනිල් සාන්ති ලෙස නම් වෙනස් කල ද බොහෝ විට යෙදුවේ සුනිල් ශාන්ත යන නාමයයි. ඉපදී වසර 2ක් ගතවන විටම දෙමාපියන් අහිමි වී මාමා සහ මිත්තනිය ඇසුරේ වැඩුනේය.දෙනියාගාත රජයේ පාඨශාලාව , කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලය , ගාල්ලේ මවුන්ට් කැල්වරි සිප් සතර ලැබූ පාසල් විය. අවුරුදු 16 දි පාසල් හැරයාමේ විභාගයෙන් ප්‍රථමයාව වීරරත්න ත්‍යාගය ලද අත...