වින්සන්ට් සෝමපාල
1906 මැයි 10 වෙනි දින ගොරකාන නම් ගමේ උපන් මෙතුමාගේ පියා දොන් මාර්තේලිස් මහතාය. පානදුර ගොරකාන පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මොහු මොරටුව ශාන්ත ඇන්තෝනි විද්‍යාලයෙන් පානදුර ගොරකාපොල විද්‍යාරතන පිරිවෙනින් කොළඹ විද්‍යා්දය පිරිවෙනින් අධ්‍යාපනය ලැබීය. මෙතුමාගේ පැවිදි ගුරුවරුන් වූයේ පැලෑනේ වජිරඥාන හිමි , මොරොනතුඩුවේ ඛේමානන්ද හිමි , වෑකඩ පඥානන්ද හිමි වරුන්ය.
සංගීත ගුරුවරුන් වූයේ සාදිරිස් සිල්වා සහ එස්.ඩබ්.රූපසිංහ යන සංගීත විද්වතුන් ය.මෙතුමා සිංහල , පාලි , සංස්කෘත යන භාෂා පිළිබඳ හසල දැනුමක් ලද පඬිවරයෙකි. ව්‍යක්ත කථිකයෙකි. ලේඛකයෙකි. සංගීත ගත් කතුවරයෙකි. ගීත ප්‍රබන්ධකයෙකි. රාගධාරී සිංහල ගීත රාශියක් ප්‍රබන්ධ කොට පල කිරීමෙන් රටට අනගි සේවයක් කළ අයෙකි. මකුලොලුව මහතා සමඟ එක්ව සිංහල සංගීත ක්ෂේත්රයට ඉමහත් සේවයන් කල අතර ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විෂය නිර්දේශයට සංගීත විෂය ඇතුලත් කිරීමට ද පුරෝගාමීව කටයුතු කළේය.
1951 කටුකුරුන්ද ගුරු විදුහලේ සංගීත කථිකාචාර්ය ලෙස ද ඊට පසුව මහනුවර , අනුරාධපුර , ඌව , රත්නපුර , කළුතර , කොළඹ ආදී අධ්‍යාපන දිස්ත්‍රික්ක වල සංගීත පරික්ෂකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.
ගීත ශික්ෂණ
භාවිත ගී
තාල ඥානය
දස තාල ඥානය
සංගීත පදාර්ථය
ගීත විද්‍යාව
ගීත කලා නිධි
මෙතුමා ලියූ ග්රන්ථ අතර වේ.මෙතුමාගේ සිසු පරපුර අතර සංගීත විශාරද ආනන්ද ජයසිංහ , සංගීත් නිපුන් ඩී.ඩබ්. ජයන්ත , ඩීමන් ලොකුලියන ආදී මහතුන් විශේෂයෙන් හැදින්විය හැක.

Comments
Post a Comment