සුනිල් ශාන්ත

                කතෝලිකයන් වූ බද්ද ලියනගේ දොන් පෙම්යානු හා කුරුගමගේ එංගල්තිනාට දාව 1915.04.14 දින  ජාඇල, පමුණුගම කැපුන්ගොඩ දී බද්ද ලියනාග් දෝන ජෝසප් ⁣ජෝන් ලෙස සාන්තයන් උපත ලැබීය. සිය පවුලේ වැඩිමල් සොහොයුරෙකු සහ සොහොයුරියක විය. හෙල හුරුව නිසාම පසු කලෙක සුනිල් ශාන්ති , සුනිල් ශාන්ත , සුනිල් සාන්ති ලෙස නම් වෙනස් කල ද බොහෝ විට යෙදුවේ සුනිල් ශාන්ත යන නාමයයි. ඉපදී වසර 2ක් ගතවන විටම දෙමාපියන් අහිමි වී මාමා සහ මිත්තනිය ඇසුරේ වැඩුනේය.දෙනියාගාත රජයේ පාඨශාලාව , කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලය , ගාල්ලේ මවුන්ට් කැල්වරි සිප් සතර ලැබූ පාසල් විය. අවුරුදු 16 දි පාසල් හැරයාමේ විභාගයෙන් ප්‍රථමයාව වීරරත්න ත්‍යාගය ලද අතර 1933 දී වග්ගොන කතෝලික ගුරු අභ්‍යාස විද්‍යාලයේද පුහුණුවක් ලැබීය. ගාල්ලේ මවුන්ට් කැල්වරි පාසලේ පුහුණුවන සිංහල , චිත්‍ර කර්මය හා සංගීතය උගන්වන ගුරුවරයෙකු ලෙස 1936 දී පත්විය.
           කතකලී , මනිපුරි නැටුම් මෙන් ම රවින්ද්‍ර සංගීතය ද උගත්තේ 1939 ශාන්ති නිකේතනයෙන් ය. සිංහල ජන ගී , වන්නම් ගැන ද ⁣ඔහු මෙකල උගත්තේය. පසුව ලක්නව් හි භාත්කණ්ඩ් සංගීත විද්‍යාලයට ඇතුල් ව වසර 4කින් පමණ උත්තර භාරතීය සංගීතය හැදෑරූ අතර ඉන් ප්‍රථම පන්තියේ ප්‍රථමයා ලෙස සමත් විය. වාද්‍ය විශාරද උපාධියත් , ගායනය පිලිබඳ උපාධියත් එහි දී ලබා 1944 දී නැවත ලංකාවට පැමිණියේ එම උපාධියක් ලැබූ ප්‍රථම ලාංකිකයා ලෙසිනි.
        1949 ඇරඹි රේඩියෝ සිලෝන් ගුවන් විදුලි සේවයේ ආරම්භක ගායකයෙකු ලෙස මොහු දොරට වැඩියේය. රජය විසින් මහාචාර්ය රත්නජයන්කර් ගෙන්වා කල ලාංකීය සංගීත ශිල්පීන් වර්ගීකරණය වර්ජනය කල නිසා ගුවන් විදුලි සේවයෙන් පහ කලේය. මුදියන්සේලාගේ මේරි ජොසපින් බර්කදෙත් ලීලාවති හා විවාහපත් ව දරුවන් 4 දෙනකු ලැබුවේය.මෙකල සුනිල් ශාන්තයන් විරැකියාවෙන් පෙලෙන්නට විය. 1965 දී නැවත ගුවන් විදුලි ාස්වයට එක් වූ මුත් සාර්තකත්වය පෙර පරිදි නොවීය. තමා දැඩි ලෙස ආදරය කල කනිටු පුතුගේ අභාවයෙන් ශෝකයට පත්ව 1981.04.11 දින සුනිල් ශාන්තයන් මෙලොවින් සමු ගත්තේය.

Comments

Popular posts from this blog