ප්‍රේමසිරි කේමදාස 1937 ජනවාරි 25 වන දා වාද්දූවේ උපත ලද ප්‍රේමසිරි කේමදාස මහතා එකොලොස් දෙනෙකුගෙන් යුත් පවුලක ඇත බාලයා විය. පියා ගුරුගේ සිමියොන් පෙරේරාය. මව ඇලන් පෙරේරාය. මූලික අධ්‍යාපනය කල්පිටිය පිරිමි පාසලෙන් ලැබීය. වාදූව පිරිමි පාසලෙන් පානදුර සුමංගල විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. කුඩා කල පටන් බටනලා වාදනයෙහි ඇති දක්ෂයෙකු වූ මොහු ස්ව උත්සාහයෙන් ඒ පිළිබඳව දැනුම උසස් කර ගත්තේය. ඉන්පසු හිතුවක්කාරී ගති පැවතුම් නිසා සුමන්ගලයෙන් ඉවත්ව ශාන්ත ජෝන් විදුහලට ගියේය. ඉන්පසු ගුවන් විදුලියේ සේවයට ගිය මොහු යුගයේ අවශ්‍යතාවය වූ සංගීත ක්ෂේත්‍රයේ නව ය...
Posts
Showing posts from December, 2017
- Get link
- X
- Other Apps

ලයනල් එදිරිසිංහ මෙතුමා 1913 ජනවාරි 17 වැනි දින ගාල්ලේදී උපත ලැබීය. මූලික අධ්‍යාපනය ගාල්ල ඕපාවල බෞද්ධ මිශ්‍ර පාසලෙන්ද ගාල්ලේ කලේගාන කතෝලික පාසලෙන්ද ලැබීය. උසස් අධ්‍යාපනය ලැබූයේ ගාල්ලේ රිච්මන්ඩ් හා මහින්ද යන විද්‍යාල වලිනි. ඉන්පසු ඔහු ඉන්දියාවේ විශ්ව භාරත නම් විශ්ව විද්‍යාලයෙන් හා භාත්ඛන්ඩේ සංගීත විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සංගීත විශාරද උපාධිය ප්‍රථම වරට ලබා ගැනීම ආරම්භ වුයේ එදිරිසිංහ මහතාගෙනි. සංගීත විශාරද උපාධිය ප්‍රථම වරට ලබා ගත් ලාංකිකයා වන්නේද මෙතුමාය. භාත්ඛණ්...
- Get link
- X
- Other Apps

ආනන්ද සමරකෝන් ආනන්ද සමරකෝන් මහතා 1911 ජනවාරි මස 13 වැනි දින කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල වෑවල නම් ගමේදී උපත ලැබීය. මෙතුමා මූලික අධයාපනය සඳහා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය ලැබීය. කුඩා අවදියේ සිටම චිත්‍ර සහ සංගීතය යන විෂයන් සඳහා සහජ දක්ෂතාවයක් පෙන්වූ ආනන්ද සමරකෝන් මහතාට ඒ හේතුව නිසාම වයස අවුරුදු 25 දී ඉන්දියාවේ බෙංගාලයේ විශ්ව භාරතී විශ්ව විද්‍යාලයෙන් සංගීතය හැදෑරීමට අවස්ථාවක් ලැබුණි. මෙහිදී රවින්ද්‍රනාත් තාගෝර් තුමා යටතේ සංගීතයත් චිත්‍ර කලාවත් හැදෑරීමේ භාග්‍ය මෙතුමාට හිමිවිය. ඉන්දියාවේ සංගීත අධ්‍යාපනය ලැබීමෙන් පසුව...
- Get link
- X
- Other Apps

ඩබ්ලිව් . බී . මකුලොලුව මෙතුමා 1922 පෙබරවාරි මස 17 වන දින මහනුවර හාරිස්පත්තුව නම් සුන්දර ගම්මානයේ උපත ලැබීය. මූලික අධ්‍යාපනය ලැබූවේ ඉඩමේගම රජයේ විදුහලෙනි. පසුව උසස් අධ්‍යාපනය සඳහා කටුගස්තොට රාහුල විද්‍යාලයටත් , කොළඹ ආනන්ද විද්‍යාලයටත් ඇතුල් විය. ඉන්පසු ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ විශ්ව භාරතී විශ්ව විද්‍යාලයෙන් සංගීතය හැදෑරූ එතුමා ඒ සමගම නැටුම් අධ්‍යාපනය ගැනද සිත යොමු කළේය. ඒ සඳහා තම ගුරුවරුන් කොට ගත්තේ රංගම ගුණමාලා , ජේ . සී මාලගම්මන , තිත්තවෙල ගුනයා යන ශිල්පීන්ය. ...
- Get link
- X
- Other Apps

පණ්ඩිත් ඩබ්ලිව් . ඩී . අමරදේව විශාරද පණ්ඩිත ඩබ්.ඩී අමරදේව සංගීතවෙදියගේ උපත සිදු වුයේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට අයත් මොරටුව කොරල වැල්ලේ දී 1927 සැප්තැම්බර් 5 වෙනිදාය.මෙතුමාගේ සම්පූර්න නම වුයේ වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ය.ඔහු පව්ලේ බාලයා වූ අතර අමරදේව ශුරින්ගේ පියා වන්න්කුවත්ත වඩුගේ ජිනේරිස් නම් වේ. මව බාල පුවඩුගේ මැගී වෙස්ලියානු විය. ප්‍රසිද්ධ වඩු කාර්මිකයෙකු වූ පියා වයලින් වාදනය සදහා ද සමත් පුද්ගලයෙක් විය. අමරදේව මහතා වයලී න් වාදනයට යොමු වී ඇත්තේ තම පියා ඇසුරෙනි. අමරදීව මහතාගේ මව ක්‍රිස්තියානි ආගමික කාන්තාවක් වූ බැවින් ඇය ගීතිකා ගායන කල අවස්ථා අමරදේව ශුරින්ට ගායන ක්ෂේත්‍රයේ ආරම්භය සදහා මග පැදුවා යැයි සිතිය හැක. අමරදේවයන්ගේ වැඩිමහලු සොහොයුරා ද සංගීතය පිලිබදව දැඩි ඇල්මක් දැක්වූ අයෙකි. ඔහු රගධාරි සංගීතයට යොමු වී අධ්‍යන කටයුතු කල බැවින් ඔහුගෙන්ද අමරදේවයන් සංගීතය පිළිබද බොහෝ කරුණු අධ...